
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් වාර්තා වන මාරාන්තික නිපා (Nipah) වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් රැසක් සිය ගුවන් තොටුපළවල පරීක්ෂණ ක්‍රියාමාර්ග දැඩි කිරීමේ පියවර ගෙන ඇත.
පසුගිය දෙසැම්බර් මාසයේ සිට බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 196 දෙනෙකු පමණ මේ වන විට සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, බටහිර බෙංගාලයෙන් ගුවන් යානා මගින් පැමිණෙන ගුවන් තොටුපළ තුනක මගීන් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.
තවද, කත්මන්ඩු ගුවන් තොටුපළ සහ ඉන්දියාව සමඟ පවතින ගොඩබිම් සීමා හරහා මෙරටට ඇතුළු වන පුද්ගලයන් පිළිබඳ පරීක්ෂණ කටයුතු ද වේගවත් කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.