
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම පුරෝකථනයට අනුව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.
වයඹ පළාතේදී ද වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
සෙසු ප්‍රදේශ බොහෝමයක පස්වරු 2.00ට පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් වාර්තා වේ.