තාත්තත් නැතුව අමාරුවෙන් හදා ගත්ත මගෙ පුතාට මොකක්ද මේ වුණේ

“මගේ පුතාව හැම­දාම මම රැක­ගත්තා. අනේ, එදා උදෙත් මම තංගල්ලේ පන්ති­යට එක්ක­ගෙන ගිහින් දම­ලයි ආවේ. පන්ති ඇරිලා ගෙදර එන ගමන් යාළුවෝ එක්ක ඉස්කෝලෙ ක්‍රිකට් ගහන්න ගිහිල්ලා. පිහි­නුම් තටා­ක­යට වැටුණු බෝලය ගන්න ගිහින් තමයි පුතාට මේ කර­දරේ වෙලා තියෙන්නේ. තාත්තත් නැතුව මං කොච්චර අමා­රු­වෙන් ද මගේ පුතා හදා ගත්තේ. දෙවි­යනේ මගේ පුතාට මොකද මේ වුණේ.” දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යා­ලයේ පිහි­නුම් තටා­කයේ ගිලී මිය­ගිය ශ්‍රීහාන් විශ්මික ශෂේන්ද්‍ර දේශ­ප්‍රිය ඉලං­ක­නා­දන් (17) සිසු­වාගේ මව කඳුළු සල­මින් පැව­සු­වාය.

‘ජයත්‍රී’ නිසල උයන, දොඩ­ම්ප­හළ, දික්වැල්ල ලිපි­නයේ පදිංචි ශ්‍රීහාන් දරු­වන් තිදෙ­න­කු­ගෙන් යුත් පවුලේ දෙවැ­න්නාය. ඔහුට වැඩි­ම­හල් සොහො­යු­රි­යක් සහ බාල සහෝ­ද­රි­යක් සිටිති. වෛද්‍ය­ව­ර­යකු වූ ශ්‍රීහාන්ගේ පියා මිය­ගොස් වසර එක හමා­රක් පමණ වන අතර, පවුලේ බර කරට ගෙන දරු­වන් රැක බලා­ගෙන ඇත්තේ ශ්‍රීහාන්ගේ මව වූ ඊ. බී. ජී. අනූෂා නිලන්ති (49) මහ­ත්මි­යයි.

සිය ස්වාමි­පු­රු­ෂයා හදි­සියේ මිය­යෑ­මෙන් පසු දරු­වන් තිදෙනා රැක බලා ගත් අනූෂා, ශ්‍රීහාන් පාස­ලට යෑමේ­දීත්, උප­කා­රක පන්ති­ව­ලට යෑමේ­දීත් ඔහු සමඟ නිර­න්තර ගමන් කොට ඇත්තේ දරු­වාට තිබූ අසී­මිත ආද­රය නිසාය. එත­රම් ආද­රෙන් රැක­බලා ගත් තම පුත්‍රයා හදි­සියේ වෙන්ව යෑම මව­කට දරා ගැනීම කොත­රම් අප­හසු ද?

දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යා­ලයේ 12 ශ්‍රේණියේ ජීව විද්‍යා අංශයේ ඉගෙ­නුම ලබ­මින් සිටි ශ්‍රීහාන් මිය­ගිය දින පෙර­වරු 8.30ට පමණ තංගල්ලේ පැවති උප­කා­රක පන්ති­ය­කට සහ­භාගි වී සවස දෙකයි තිහට පමණ ලද විවේක කාලයේ සිය වැඩි­ම­හල් සහෝ­ද­රි­යට දුර­ක­තන ඇම­තු­මක් දී පවසා ඇත්තේ නිවෙසේ ඇති ක්‍රිකට් පිත්ත සහ බෝලය එන යහ­ළු­වන් දෙදෙ­නාට දෙන ලෙසයි. ඒ අනුව සහෝ­ද­රිය විසින් නිවෙ­සට පැමිණි යහ­ළු­වන් දෙදෙ­නාට ක්‍රිකට් පිත්ත සහ බෝලය දී ඇති අතර, ඔවුන් එය රැගෙ­න­විත් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙ­මින් සිට ඇත. සවස හත­රයි තිහට පමණ පන්ති නිම­වී­මෙන් පසු ශ්‍රීහාන් ද විජිත විද්‍යා­ල­යට පැමිණ යහ­ළු­වන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිට තිබේ.

ඒ අතර සවස හයත්, හයයි තිහත් අතර කාලයේ බෝලය ආස­න්නයේ තිබූ පිහි­නුම් තටා­ක­යට වැටී තිබේ. බෝලය එලෙස තිබි­යදී නිවෙ­සට යමු යැයි යහ­ළු­වන් යෝජනා කරද්දී ඇඳ සිටි කමි­සය ගලවා ශ්‍රීහාන් තටා­ක­යට පැන බෝලය ගැනී­මට උත්සාහ දරා ඇත. මඳ දුරක් පිහි­න­මින් සිටි­යදී ඔහු දියේ ගිලෙ­න්නට යමින් අප­හ­සු­වෙන් සිටින අයුරු දැක ඇති යහ­ළු­වන් දෙදෙ­නකු ද ඔහු බේරා ගැනී­මට තටා­ක­යට පැන ඇත. එහිදී ඔවුන් ද ගිලී ඇත. පසුව ඔවුන් අප­හ­සු­වෙන් ඉහ­ළ­ට­විත් බැම්මේ එල්ලී ගොඩට ඒමට උත්සාහ දරද්දී එම මොහොතේ එහි සිටි යහ­ළු­වන් විසින් අතින් අල්ලා උඩට ඇද ජීවි­තය බේරා ගත්ත ද ශ්‍රීහාන් දියේ ගිලී තටා­කයේ පතු­ලෙහි රැඳී ඇත.

එහි රැඳී සිටි අනෙ­කුත් තරු­ණ­යන්ගේ කෑගැ­සී­මත් සමඟ දිව ආ විද්‍යා­ලයේ ගුරු නිවා­සයේ සිටින නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­ව­රයා කෑගසා ආර­ක්ෂක නිල­ධා­රියා වහාම එම ස්ථාන­යට ගෙන්වා­ගෙන තිබේ. එතැ­නට පැමිණි ආර­ක්ෂක නිල­ධා­රියා තටා­ක­යට පැන තටා­කයේ ගිලී සිටි ශ්‍රීහාන් මතු­පි­ටට ගෙනැ­විත් දික්වැල්ල බතී­ගම දිසා රෝහ­ලට රැගෙන ගිය ද ඔහුගේ ජීවි­තය බේරා ගැනී­මට නොහැ­කිවී තිබේ.

“අපේ මල්ලිට ගොඩක් යාළුවෝ හිටියා. ඒ නිසා අපි නිතර එයා ගැන හොඳට හොයා බැලුවා. එදා උදෙත් අම්මා, මල්ලි තංගල්ලේ පන්ති­යට එක්ක­ගෙන ගිහින් 11.30 වෙන­කල් ඉඳලා ගුරු­ව­රුන්ට මල්ලි භාර දීලා තමයි ගෙදර ආවේ. මල්ලි පන්තියේ ඉන්න අත­ර­තුර මට විටි­න්විට කතා කළා. හත­ර­හ­මා­රට පන්තිය අව­සන් වුණාට පසු මට කතා කර අද මහ­න්සිත් නෑ, බඩ­ගි­නිත් නෑ ටිකක් සෙල්ලම් කරලා එන්නම් කීව්වා. එහෙම ඇවිත් තමයි විජිත විද්‍යා­ල­යට ගිහින් සෙල්ලම් කරලා තියෙන්නේ. අපි ආද­රෙන් කොච්චර ආර­ක්ෂාව දුන්නත් අපේ මල්ලි අපව දාලා ගියා.”

ශ්‍රීහාන්ගේ වැඩි­ම­හල් සහෝ­ද­රිය වූ ලංකිකා ඉලං­ක­නා­දන් (22) හැඬූ කඳු­ළින් පැව­සු­වාය.

ශ්‍රීහාන්ගේ මර­ණය පිළි­බඳ හදිසි මරණ පරී­ක්ෂ­ණය දික්වැල්ල හදිසි මරණ පරී­ක්ෂක ජයන්ත සම­ර­සිංහ මහතා විසින් පවත්වා ඇති අතර, මර­ණය පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැත්වූ මාතර මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි ඒ. එස්. සෙනෙ­වි­රත්න මහතා විසින් නිග­ම­නය කර තිබුණේ දියේ ගිලී­මෙන් සිදු වූ මර­ණ­යක් බවයි.

හදිසි මරණ පරී­ක්ෂ­ණ­යේදී සහ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී දික්වැල්ල පොලිස් ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සම­ර­සිංහ මහ­තාගේ උප­දෙස් පරිදි පොලිස් සැර­යන් (62132) තිලක මහතා විසින් සාක්ෂි මෙහෙ­යවා ඇත.

ගන්දර සමූහ – ජය­සිරි පේදු­රු­ආ­රච්ච්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post