නව නීතියක් - ආයේ මේ විදිහට තෙල් විකිණීම සම්පූර්ණයෙන් තහනම්


දිවයින පුරා ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවි කිරීම තහනම් කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ කරුණු දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාසේන මහත්මිය මේ බව අනාවරණය කළාය.

වෙළෙඳපොළේ පවතින පොල් තෙල්වල ප්‍රමිතිය තහවුරු කිරීම, බාල කිරීම් සහ සෞඛ්‍යයට අහිතකර රසායනික ද්‍රව්‍ය එක්කිරීම වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම පියවර ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරියේදී වෙළෙඳපොළට නිකුත් කෙරෙන සියලුම පොල් තෙල් නිසි ලෙස ඇසුරුම් කර, නිෂ්පාදකයාගේ තොරතුරු ඇතුළත් ලේබල් සහිතව පමණක් අලෙවි කිරීමට නීතිමය විධිවිධාන පැනවෙනු ඇත.   

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post