
වතුර කපන ප්‍රදේශ ලැයිස්තුව මෙන්න
රත්නපුර, කොලොන්න ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද (30) දින පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එබැවින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ අද පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි.
එසේම එම කාලය තුළ මඩුවන්වෙල, කරගහයාය, මහයාය, කෑල්ල, අලුබෝද, වැල්කැටිය සහ ජදුර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වීමට කටයුතු කරන බව සඳහන්. කෙසේ වෙතත් ජල සම්පාදන මණ්ඩලය කියා සිටියේ වඩා ගුණාත්මක ජල සේවාවක් ලබාදීමට මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදුකරන බවයි.
මේ හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට පෙර අවශ්‍ය ජලය රැස්කර ගන්නා ලෙසත්, රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තවද මෙසේ ජල සැපයුම අත්හිටුවීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව පළ කර ඇත.
