ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක ජල කප්පාදුවක් - ජල මණ්ඩලයෙන් ජනතාවට හදිසි නිවේදනයක්


රත්නපුර, කොලොන්න ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (30) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර තිබේ .

ඒ අනුව, මඩුවන්වෙල, කරගහයාය, මහයාය, කෑල්ල, අලුබෝද, වැල්කැටිය සහ ජදුර යන ප්‍රදේශවලට මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ලබයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ වඩාත් ගුණාත්මක ජල සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදුකරන බවයි .

එබැවින් ජල සැපයුම අත්හිටුවීමට පෙර අවශ්‍ය ජලය රැස්කර තබා ගන්නා ලෙසත්, එම ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි .

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post