
බිහිසුණු රෝගයක් ලංකාවේ හිස ඔසවයි
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ වසරේ මේ දක්වා කාල සීමාව තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,805 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එම දත්තවලට අනුව ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගල මරණ 72ක් මේ වන විට වාර්තා වී ඇති අතර අගෝස්තු මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 9,469 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ජූලි මාසයේදී රෝගීන් 29,962ක් සහ ජූනි මාසයේදී රෝගීන් 21,533ක් වාර්තා වී ඇත.
සමස්ත රෝගීන්ගෙන් සියයට 52.92 ක්, එනම් රෝගීන් 50,167 ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,823ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,624ක් වාර්තා වී ඇත.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රෝගීන් 20,207කි. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,794ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,913ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,117ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,111ක් ලෙස වාර්තා වේ.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
