ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ


අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල රියැදුරන් මෙන්ම සියලුම මඟීන් ආරක්ෂක ඛඳපටි පැළඳීමේ නීතිය ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.

පසුගිය 2025 වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නීතිය වසරකට ආසන්න කාලයක් පුරා වරින්වර ක්‍රියාත්මක කිරීම කල් දැමුණු බැවින් යළි කිසිසේත් කාලය දීර්ඝ කිරීමක් නොවන බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පවසා ඇත.

එසේම ඔහු සඳහන් කළේ නිෂ්පාදකයන් විසින් වාහනවල මැද ආසන සහ පසුපස ආසනවල ආසන පටි සකස් කර නොමැති වාහනවල ඒවා විධිමත්ව සකස් කර ගැනීමට මෙම සහන කාලය ලබා දුන් බවයි.

ඒ අනුව මෙම සහන කාලය සීමාව ඉකුත් ජුනි මස 19 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණද විවිධ පාර්ශ්වයන්ගේ ඉල්ලීම මත එළඹෙන මස 19වැනි දින තෙක් දීර්ඝ කර තිබෙනවා.

එබැවින් තවදුරටත් එම කාල සීමාව දීර්ඝ කිරීමට බලාපොරොත්තු නොවන බවත්, ලබන මස 19 වැනි දින පටන් මෙම නීතිය පිළිනොපඳින සියලු දෙනා දඩයකට යටත් වන බවත් සභාපතිවරයා අවධාරණය කර ඇත.

එබැවින් ලබන මස 19වැනිදා සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන රියැදුරන් පමණක් නොව සියලුම මඟීන් ද මෙම නීතියට යටත් වන අතර එය කඩ කරන්නේ නම් මඟියාටද දඩ මුදල් නියම වෙන බවත් සභාපති මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් කියා ඇත. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post