
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,306ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
එසේම අගෝස්තු මාසයේ මේ දක්වා රෝගීන් 4,959ක් වාර්තා වී ඇත.
මේ අතර වසරේ මේ දක්වා පුද්ගල මරණ 65ක් වාර්තා වී ඇති අතර, එම මරණවලින් 70%ක්ම කාන්තාවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
ඉදිරියේදී ඇති විය හැකි වර්ෂාපතනය සහ දේශගුණික විපර්යාසයන් පිළිබඳ දැඩි අවධානය යොමු කරමින්, මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
