
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ජුනි මාසයේ දෙවන අදියරට අදාළ ප්‍රතිලාභ පමණක් හෙට (23) සිට ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
මෙම ප්‍රතිලාභය පවුල් 270,025 දෙනෙකුට හිමිවන බව එම මණ්ඩලය නිවේදනය කළේය.
ඒ අනුව රුපියල් 3,287,163,750ක (තුන් බිලියන දෙසිය අසූහත් මිලියන එකසිය හැට තුන්දහස් හත්සිය පනහක්) හෙට (23) දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම් ගිණුම් වෙත බැර කරනු ඇත.
