සම්මාන පිට සම්මාන ලැබූ ප්‍රවීන ගායකයෙක් ජීවිතක්ෂයට


මේ කියන්න යන්නේ ඔහු ගැන අද අසන්නට ලැබුණු සංවේදීම පුවතක්.

ලොව පුරා ඔහුට ආදරය කරන රසික ප්‍රජාව ඇත්තටම මේ පුවතත් එක්ක කම්පනයට පත්වෙලා ඇති.. 

'ප්‍රේමයේ හඬ' ලෙස විරුදාවලිය ලත්, ග්‍රැමී සම්මානලාභී සෝල් ගායන ශිල්පී පීබෝ බ්‍රයිසන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 75 වැනි වියේ පසුවුණා.

ඔස්කාර් සම්මානලාභී සුප්‍රසිද්ධ ඩිස්නි චිත්‍රපට ද්විත්වයක ගීත සඳහා තම හඬ දායකත්වය සැපයූ, මේ ප්‍රවීණයා, 1970 දශකයේ සිට 2010 වසර දක්වා දශක පහකට වැඩි කාලයක් පුරා ජනප්‍රිය ගීත රැසක් සංගීත ලෝකයට දායාද කළා.

එසේම ඔහු, ලොව පුරා රසිකයන් අතර වඩාත් ප්‍රසිද්ධ වූයේ 'ප්‍රේමයේ හඬ' (Voice of Love) යන නාමයෙනි.

ඔහුගේ අභාවයට නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, පසුගිය සති අන්තයේ ඔහු ආඝාත (Stroke) තත්ත්වයකට ගොදුරු වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post