මෙනින්ජයිටීස් රෝගය ක්‍රමයෙන් පැතිරේ - මේ වෙද්දී සැක සහිත රෝගීන් 250ක්


මෙනින්ජයිටීස්  රෝගය වැළඳී ඇතැයි සැකකෙරෙන රෝගීන් 250 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරේන්ද්‍ර දසනායක මහතා සඳහන් කළේ දෙණියාය, රිකිල්ලගස්කඩ, දියතලාව, වැලිමඩ සහ මහනුවර යන ප්‍රදේශවලින් මෙලෙස රෝගීන් වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත්, හඳුනාගත් සමස්ත රෝගීන් අතරින් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 50කටත් වඩා අඩු පිරිසකි.

මෙම මෙනින්ජයිටීස් රෝගී තත්ත්වය 'එන්ටරෝ වෛරස්'  කාණ්ඩයට අයත් වෛරසයකින් පැතිර යන බවට දැනට හඳුනාගෙන ඇති බව පෙන්වා දෙන ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරේන්ද්‍ර දසනායක මහතා, රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව නිරන්තරයෙන් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට වගබලා ගත යුතු බවද වැඩිදුරටත් අවධාරණය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post