
මේ කියන්න යන්නේ තවත් ඔබට වැදගත්වන එක්තරා පුවතක් ගැන ඇසෙන කතාවක්.
මේ දවස්වල රටේ පවතින වාතාරණයත් එක්ක ඉදිරියේදී භාණ්ඩ මිලට කුමක් සිදුවේවිද..?
බහලුම් ගාස්තු සියයට පහකින් (5%) යළි ඉහළ යාම, ඩොලරයේ අගය වැඩිවීම සහ රක්ෂණ ගාස්තු ආදි අනෙකුත් සියලුම වියදම් සැලකිල්ලට ගැනීමේදී පිටරටින් ගෙන්වන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු සියලුම ද්‍රව්‍යවල මිල ගණන් සියයට දහයකින් (10%) වැඩි වන බව අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් පී. සුබ්‍රමනියම් පවසනවා.
තවද පවතින තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම කිසිවකුට පාලනය කළ නොහැකි බව ද ඔහු කියා සිටියා.
මේ මාසයේ සිට පැසිෆික් සාගරයේ සිට මහද්වීප හරහා ඇතිවන එල්නිනෝ තත්ත්වය හමුවේ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අපනයනයට යම් යම් සීමාවන් පැනවීම් හේතුවෙන් පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන ඒමේ අර්බුදයක් මතුවිය හැකි බවද සෙසු ආනයනකරුවෝ සඳහන් කළ අතර, කාලගුණික සහ දේශගුණික විපර්යාස, මැදපෙරදිග යුදමය වාතාවරණය මෙන්ම ඉන්ධන මිල වැඩිවීම, රුපියල පිරිහීම වැනි තත්ත්වයන් හමුවේ දැන් සිටම ඊට මුහුණදීම සඳහා සැලසුම්සහගත වැඩපිළිවෙළක් සකස් නොකළහොත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල කොතැනකින් නතරවේදැයි කිව නොහැකි බවද ආනයනකරුවෝ පෙන්වා දුන්නා..
අරුණ පුවත්පත ඇසුරෙන්..
