
රට පුරා පැතිරෙන භයානක රෝගයක් ගැන දැනුම්දීමක්
දිවයින පුරා ඩෙංගු රෝගය යළි හිස එසවීමේ දැඩි අවදානමක් පවතින බවත්, මේ වසරේ ගතවූ කාලය තුළ ජාත්‍යන්තර පාසලක දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකු ඩෙංගු රෝගයෙන් මියගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
දිවයින පුරා ඩෙංගු රෝගය යළි හිස එසවීමේ දැඩි අවදානමක් පවතින බවත්, මේ වසරේ ගතවූ කාලය තුළ ජාත්‍යන්තර පාසලක දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකු ඩෙංගු රෝගයෙන් මියගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ඒ අනුව ඉකුත් (04) වැනි දා වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,071ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර ප්‍රකාශ කරයි.
එසේම සංඛ්‍යාලේඛනවලට අනුව, මාර්තු මාසයේ රෝගීන් 6,013ක්, අප්‍රේල් මාසයේ රෝගීන් 5,662ක් සහ මැයි 04 වනදා දක්වා රෝගීන් 809ක් ලෙස වාර්තා වී ඇති බවද වැඩබලන අධ්‍යක්ෂවරයා පවසයි.
මෙම තත්ත්වය අනුව පළාත් හතරක රෝගය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක රෝගීන් වැඩිපුරම වාර්තා වන දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කරයි.
එසේම මදුරුවන් බෝවන ස්ථාන පවතින කඩින් කඩ වැසි සහිත කාලගුණයත් සමඟ මිනිසුන් විසින් ඉවතලන බඳුන්වල ජලය රැඳීම ව්‍යාප්තියට ප්‍රධාන හේතුව වී ඇති බවත්, කීට විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව වැඩිපුරම මදුරුවන් බෝවන ස්ථාන වශයෙන් හඳුනාගෙන ඇත්තේ පාසල් පද්ධති, බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු ආගමික ස්ථාන, රජයේ කාර්යාල පරිශ්‍ර සහ පෞද්ගලික නිවාස බවද ඔහු සඳහන් කර ඇත.
එසේම සෞඛ්‍ය උපදෙස් මත මෙම පරිශ්‍රයන් පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු පමණක් නොව චිකන්ගුන්යා රෝගය ද පාලනය කළ හැකි බවට වැඩබලන අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.
