
වාර්ෂිකව පිළිකා රෝගීන්ගේ වර්ධනයක් හඳුනාගෙන ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක තලගල මහතා සදහන් කර තිබේ.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ පිළිකා රෝගය කලින් හඳුනාගැනීම ඉතා වැදගත් බවත්, ඒ සදහා අවශ්‍ය පහසුකම් රජය මගින් සලසා ඇති බවයි.
ඒ වගේම පවතින අධික හිරු රෂ්මිය හේතුවෙන් සම ආශ්‍රිතව සෑදෙන පිළිකාවන් හි වැඩිවීමක් දක්නට ලැබෙන බවද අද (6) පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කරන ලදි .
