දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ ජලාශ වල වාන් දොරටු විවෘත කරයි - ජනතාව අවධානයෙන් සිටින්න


 දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු අද (9) පෙරවරුවේ සිට විවෘත කිරීමට පියවරගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

 එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 3 බැගින් විවෘත කිරීමට පියවර ගත් බවයි ඒ අනුව තත්පරයට ඝන අඩි 8400 බැගින් දැදුරුඔයට ජලය නිකුත් කෙරෙන බව එහි සඳහන් ව තිබේ.

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ලුණුගම්වෙහෙර ජලාශයේද වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර, ඒ හේතුවෙන් කිරිඳි ඔය භාවිතා කරන්නන් අවධානයෙන් සිටින ලෙසයි .

මේ අතර රාජාංගනය ජලාශයේද වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර, ඉන් වාන් දොරට 4ක් අඩි 2 බැගින්ද, අනෙක් වාන් දොරටු 2 අඩි 3 බැගින්ද විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post