ලංකාවට ගෙන්වූ අලුත්ම වාහන ගැන විශේෂ හෙළිදරව්වක්..


මෙරට රථවාහන ඉල්ලුම ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්.

අලුත් වාහන 500ක් මේ වන විට මාස 6ක කාලයක් කොළඹ වරායේ සිරවී ඇති බවට වාර්තා වෙනවා. 

ශ්‍රි ලංකා රේගුව පවසන්නේ විවිධ හේතූන් මත මේවා නිදහස් කිරීම ප්‍රමාද වන බවයි.

මෙහි ඇතැම් මෝටර් රථ තනි තනිවම පුද්ගලින් මෙරටට රැගෙන ආ ඒවා බවත්, ආනයනයෙන් පසු බදු වැඩි වීම නිසා මෙලෙස එම වාහන නිදහස් කරගැනීමට නොහැකිවී ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම මාර්තු මාසයේ සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී ඇත්තේ, 83.1%ක් මාර්තු මාසයේදී අලුතෙන් ලියාපදිංචි කර ඇති බවයි.  මේ අ‍තර වැඩිම ලියාපදිංචියක් සිදුවී ඇත්තේද BYD මාදිලියේ මෝටර් රථයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post