අලුත් අවුරුද්දෙන් පස්සේ වැඩිහිටි ඔබට ලැබෙන්න යන දේ මෙන්න..


අද අස්වැසුම ප්‍රතිලාභ හිමි ඔබට සුබ දවසක්. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියක්.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ වැඩිහිටි දීමනාව අද (22) අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරනු ලබන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 617,406 දෙනෙකුට සහ දෙවන අදියරේ වැඩිහිටියන් 72,525 දෙනෙකුට මෙලෙස මුදල් බැරකෙරෙනු ඇති.

අදාළ ප්‍රතිලාභීන්ට සිය ප්‍රතිලාභී දීමනාව අද සිට අස්වැසුම ප්‍රතිලාභී ගිණුම් මගින් ලබාගත හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post