කාලගුණයෙන් අනතුරු ඇගවීමක්


දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට අද (22) පස්වරුවේ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද, දකුණ සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැක.

වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ වාර්තාවේ සඳහන් වේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එළිමහනේ රැඳී සිටීමෙන් වළකින ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post