අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්! මෙන්න සම්පූර්ණ විස්තරය


මෙන්න මේ පුවතත් දැන් සමාජ මාධ්‍ය පුරා වේගයෙන් හුවමාරු වෙනවා. 

ඔබේ දරුවාවත් 2026 වසරේ ජාතික පාසලකට ඇතුළත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේ අවස්ථාව මගහැර ගන්න එපා.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ, ජාතික පාසල්වල පවතින පුරප්පාඩු සඳහා (5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණිවලට) අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ කර ඇති බවයි.

නමුත් මෙහිදී විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි, මෙම අයදුම්පත් යොමු කළ යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට නෙවෙයි, ඔබ දරුවා ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන අදාළ පාසලේ විදුහල්පතිවරයා වෙතටමයි.

මේ සඳහා ඇති කාලය ඉතාමත් සීමිතයි. මෙම මස 27 වැනිදාට පෙර ඔබගේ අයදුම්පත් අදාළ පාසල් වෙත යොමු කිරීමට කටයුතු කරන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post