කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක් - සිදුවන අයුරු මෙන්න


දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (03) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ ජල කප්පාදුවක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

කලටුවාව සහ ලබුගම ජලාශවල ජල මට්ටම පහත වැටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

පාදුක්ක ප්‍රදේශයට ඊයේ (02) රාත්‍රී 8 සිට අද (03) රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් දැනටමත් ක්‍රියාත්මක වන අතර, හෝමාගම ප්‍රදේශයට අද (03) රාත්‍රී 8 සිට හෙට (04) රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

එමෙන්ම පැලැන්වත්ත ප්‍රදේශයට හෙට (04) රාත්‍රී 8 සිට අප්‍රේල් 5 වනදා රාත්‍රී 8 දක්වා ජල කප්පාදුව සිදු කෙරේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ මෙම ප්‍රදේශවලට දින තුනකට වරක් බැගින් ජල කප්පාදුව සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව මීළඟ අදියර ලෙස පාදුක්ක ප්‍රදේශයට අප්‍රේල් 7 වනදා ද, හෝමාගමට අප්‍රේල් 8 වනදා ද සහ පැලැන්වත්ත ප්‍රදේශයට අප්‍රේල් 9 වනදා ද යළිත් ජල කප්පාදුවක් ක්‍රියාත්මක වේ. කෙසේ වුවද, ජල කප්පාදුව සිදු නොවන දිනවලදී පාරිභෝගිකයන්ට අඛණ්ඩව ජල සැපයුම ලබාදීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post