ඉදිරි දින කාලගුණය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්


ඉදිරි දිනවලදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ වැසි ඇතිවිය හැකි බවයි.

කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පෙන්වා දෙයි.

අපේක්ෂිත වැසි තත්ත්වය මෙම ජල පෝෂක ප්‍රදේශවලට මෙතෙක් ලැබී නොමැති වීම නිසා ජල විදුලි උත්පාදනයට සහ පානීය ජල සැපයුමට ඉදිරියේදී බලපෑම් එල්ල විය හැකි බව ද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post