මේ පලාත් සහ දිස්ත්‍රික සියල්ලටම අනතුරු ඇගවීමක් - අද හෙට වෙන දේ මෙන්න


දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විටින් විට තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ පිළිබඳ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (21) පෙ.ව. 11.00 ට විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති අතර, එම නිවේදනය හෙට (22) පෙ.ව. 11.00 දක්වා ඉදිරි පැය 24 පුරා බලපැවැත්වෙනු ඇත.

මෙම තත්ත්වය හමුවේ උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම මහනුවර, මාතලේ, රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහා 'සූදානම් වන්න' මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය මත පදනම්ව මෙම ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර දක්වා වන තද සුළං ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින්, තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

land_pdf by madhushani

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post