
ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් මලයාලම් සිනමාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂවරයෙකු සහ තිර රචකයෙකු ලෙස කටයුතු කරන රන්ජිත් බාලක්‍රිෂ්ණන් (Ranjith Balakrishnan) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව කේරළ රාජ්‍ය චිත්‍රපට ඇකඩමියේ හිටපු සභාපතිවරයා ද වන 61 හැවිරිදි ඔහුට එරෙහිව මෙවැනි චෝදනා එල්ල වූ තෙවන අවස්ථාව මෙය බවත් සඳහන් වේ.
තරුණ නිළියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එර්නාකුලම් නගරයේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් අශ්වතී ජේන්ගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
වින්දිත නිළිය මේ වන විටත් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මීට පෙර 2012 වසරේදී බැංගලෝර්හි හෝටලයකදී නළුවෙකුට අතවර කිරීමේ චෝදනාවක් මෙන්ම 'Paleri Manikyam' චිත්‍රපටයේදී බෙංගාලි නිළියකට අනිසි බලපෑම් කළ බවට ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
කෙසේ වෙතත් රන්ජිත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ එම බෙංගාලි නිළිය රංගනයට නුසුදුසු වූ බැවින් ඇයට අවස්ථාව ලබා නොදුන් බවයි.
ජාතික චිත්‍රපට සම්මාන 3ක් සහ කේරළ රාජ්‍ය චිත්‍රපට සම්මාන 6ක් දිනා ඇති රන්ජිත් බාලක්‍රිෂ්ණන්, Spirit, Thirakkatha සහ Indian Rupee වැනි සිනමා නිර්මාණ හරහා මලයාලම් සිනමාවේ දැවැන්තයෙකු ලෙස සැලකේ.
මෙම චෝදනා කරළියට පැමිණීමත් සමඟ ඔහු මීට පෙර කේරළ රාජ්‍ය චිත්‍රපට ඇකඩමියේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්විය.