
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහළ මාර්ගය සාමාන්‍ය දුම්රිය ධාවනයට ලබාදීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු දැනුම් දෙයි.
ඒ අද(24) දින පෙරවරුවේ 'සාගරිකා' දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමෙන් සිදුවූ අවහිරය ඉවත් කිරීමත් සමඟයි.
ඒ අනුව පස්වරු 07.00 සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සාමාන්‍ය දුම්රිය ධාවන කාල සටහන ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.