
සුරාසැල් වැසෙන විශේෂ දින කිහියපයක් ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්..
2026 වෙසක් පුණ්‍යමහෝත්සවයට සමගාමීව විශේෂ දින කිහිපයක් සුරා සැල් වසා දැමීමට රජය විසින් තීරණය කර තිබෙනවා.
මෙවර වෙසක් පුරපසළොස්වක පොහොය දිනය 2026. 05. 30 දිනට යෙදී තිබෙනවා.
ඒ අනුව 2026. 05.29 වන දිනයේ මත්පැන්හල් වසනු ලබන වේලාවේ සිට 2026. 06. 01 වන දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා වසා තැබිය යුතු බවට මෙයින් නිවේදනය කරනු ලැබෙන්නේ.
තවද මීට පෙර 2026. 05. 01 සහ 02 දිනයන් හි මත්පැන්හල් වසා තැබිය යුතු බවට තීරණය කර තිබුණ ද මැයි මස පළමුවන දිනට යෙදෙන පොහොය දිනය පමණක් මත්පැන්හල් වසා තැබීමට කටයුතු කල යුතු බව තවදුරටත් ප්‍රකාශ කර සිටියා..