QR කේත භාවිතයෙන් ඉන්ධන ගැනීමේ ප්‍රශ්ණ රැසක් - රජයෙන් නිවේදනයක් එළියට - fuelpass.gov.lk

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ QR කේත භාවිතාකර ඉන්ධන ලබා ගැනීමට හඳුන්වා දී ඇති QR කේතය සම්බන්ධව පැන නැගී ඇති ගැටළු කඩිනමින් නිරාවරණය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බවයි.

මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කරයි.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් මුහුණ දෙන ගැටලු හදුනාගෙන ඒවා හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතින බවයි.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන්ට, කෘෂිකර්ම කටයුතුවලට ඉන්ධන සැපයීම ඇතුළු විශේෂිත ගැටලු සම්බන්ධයෙන් සවස් වරුවේ තීරණ ගෙන අද දිනය (15) තුළම ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇති බවත් ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

1 Comments

  1. Hadapu phone number na dean kohamada althin hadala ganne mage gr eaka tiyanawa weada karanne na

    ReplyDelete
Post a Comment
Previous Post Next Post