
ලෝක රන් මිල පහළ යාමට සමගාමීව මෙරට රත්‍රං මිල ගණන් සැලකිය යුතු ආකාරයට අඩු වී ඇති බව අද රන් වෙළෙඳපොළ වාර්තා කරයි. ඒ අනුව, අද (20) දින රන්මිල ඊයේ දිනයට සාපේක්ෂව තවත් අඩු වී ඇත.
එබැවින් අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 353,000.00ක් ලෙසයි.
එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,130.00ක් ලෙස ත් කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,120.00ක් සහ රුපියල් 42,120.00ක් ලෙසත් දැක්වුණි.
කෙසේ වුවත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින් රන් මිලදී ගැනීමට පෙර මිල ගණන් පරීක්ෂා කිරීම යෝග්‍ය වේ.
කෙසේ වෙතත් ඊයේ දින රන් මිල සමස්තයක් වශයෙන් රුපියල් 13,000කින් අඩුවීමක් පෙන්නුම් කර තිබුණා.