ඉන්ධන මිල වැඩි වෙ‍යිද? ජනපතිගෙන් හෙළිදරව්වක්


මේ වන විට මැදපෙරදිග පවතින අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ අනෙකුත් රටවල්වල ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල පිළිබදව ජනාධිපතිවරයා අද පැහැදිළි  කිරීමක් සිදු කරන ලදි.

තෙල් සංස්ථාව විසින් මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් 57%ක් සහ 43% පෞද්ගලික අංශය විසින් සපුරන බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව පෞද්ගලික අංශය විසින් මෙරට රැගෙන එනු ලබන ඉන්ධන සඳහා මේ මොහෙතේ පවතින මිල ගණන් ඉල්ලා තිබෙන බවත් ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධව හැකි ඉක්මනින් තීරණයක් ගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

තවදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්  

''මාර්තු මාසේ 24-25 අපිට බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක නැවක් එන්න තිබුණා. අපිට බොරතෙල් එන්නේ ෆුජයිරා වරායෙන්. නමුත් ඔබ දන්නවා ෆුජයිරා වරායට සිදුවූ විපත. තව එන්න තිබුණා මෙට්‍රික් ටොන් 90,000ක නැවක් ඒක එන්නෙත් නෑ... බොරතෙල් නැව් ටික නොලැබීම තමයි අපිට ප්‍රශ්න මතුවෙන්න පුළුවන් තැන්. ඒ අනුව මාර්තු 5 වැනිදා අපි ටෙන්ඩරයක් කෝල් කළා. ඒ ටෙන්ඩරය මේ 17 වැනිදා විවෘත කළා. අපි 5 වැනිදා කෝල් කරපු ටෙන්ඩරය ඩීසල්, පෙට්‍රල්, දැවිතෙල් ජෙට් A1 සහ බොරතෙල් නැව් 2කට. ඩීසල් නැවකට අපි ටෙන්ඩරය ප්‍රධානය කළා අප්‍රේල් 6-7 එනවා, පෙට්‍රල් එකක් අපි ප්‍රධානය කළා අප්‍රේල් 16-17 එනවා, දැවිතෙල් එකක් ප්‍රධානය කළා අප්‍රේල් 12-13 එනවා, ජෙට් A1 එකක් ප්‍රධානය කළා අප්‍රේල් 10-11 එනවා. එක ඩොලරයකින් තෙල් මිල වැඩිවුණොත් රුපියල් 2කින් අපේ තෙල් මිල වැඩිවෙනවා. ඒක තමයි සූත්‍රය. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම හේතුව නෙමෙයි මේ ඉන්ධන මිල ඉහළ යාම විසින් අපිට බලපෑමක් කරලා තියෙනවා.

ලෝකේ පුරා රටවල් ඉන්ධන මිල වැඩිවීම ගැන තීරණයක් අරන් තියෙනවා. ආසන්න වශයෙන් 6% ඉඳන් 50% දක්වා තෙල් මිල වැඩිවීමක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රට ගත්තොත් අපි 8%යි වැඩි කරලා තියෙන්නේ හැබැයි ලෝකේ 49% දක්වා වැඩි කිරීමක් වෙලා තියෙනවා. තෙල් මිල සම්බන්ධව ප්‍රශ්නයකට අපි මුහුණ දීලා තිබෙනවා. අපිට 57%ක් සපයන්නේ තෙල් සංස්ථාව. අපිට තෙල් සංස්ථාව විතරක් තිබුණානම් මේක මේ වෙලාවේ පාඩු ලබලා අනිත් වෙලාවේ ලාබ ලබනවායි කියලා කළමනාකරණය කරගන්න පුළුවන්.හැබැයි 43%ක් තියෙන්නේ පෞද්ගලික අංශයට. ඔවුන් කියන්නේ මොකක්ද ඔවුන් කියන්නේ මේ මොහොතේ ගේන තෙල්වලට මේ මොහොතේ තිබෙන මිල දෙන්නේ නැත්නම් අපි ගේන්නේ නෑ කියලා. ඒක සාධාරණයි. ඔවුන්ගේ ගණනය අනුව එක නැවකින් ඔවුන්ට පාඩු වෙනවා ඩොලර් මිලියන 55ක්. එහෙම පාඩු වෙන්න කවුරුත් තෙල් ගෙන්නේ නෑ.

මේ ඉන්ධන සැපයුම්වලට පෞද්ගලික අංශයේ දායකත්වය අවශ්‍යයි. හැබැයි ඔවුන් දායකත්වය ලබා දෙන්නේ ඔවුන්ගේ කොස්ට් එකට අනුව විකුණගන්න ලැබුණොත් විතරයි. ඉන්ධන මිල පිළිබඳව අපි ඉතා ඉක්මනින් සැලකිල්ලට ලක් කළ යුතුයි. දැනට අපේ පනත අනුව සමාගම්වලට අවසර දීලා තිබෙනවා මිල වැඩිකරන්න. හැබැයි පනතෙන් තියනවා උපරිම මිල තීරණය කරන්නේ පෙට්‍රෝලියම් එක කියලා. අපි මේ සමාගම් එක්ක ගිවිසුම්වලට ගියාට පනතේ අවශ්‍ය සංශෝධන කරලා නෑ. අපේ තෙල්වලින් බදු ආදායම එන්නේ බිලියන 20යි. ගිය අවුරුද්දේ අපිට බිලියන 240ක ආදායමක් ඇවිල්ලා තියෙනවා ඩීසල් සඳහා බද්දෙන්."

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post