
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් අද (7) දින පෙරවරුවේ පිපිරිමක් සිදුව ඇති බව වාර්තා වේ. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිපිරීමෙන් පසුව ඉහළ අහසේ දුමාරයක් ඇති වූ බවයි.
එහෙත් ඩුබායි රජයේ මාධ්‍ය කාර්යාලය පැහැදිලි කළේ ගුවන් තොටුපළේ කිසිදු සිදුවීමක් සිදුවී නොමැති බවයි.
එමෙන්ම සුන්බුන් කඩා වැටීමෙන් නගරයේ සිදු වූ සුළු සිදුවීමකින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව ද එහි වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉලක්ක වෙත දිනපතා ඩ්‍රෝන ප්‍රහාර එල්ල වුවද, ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන ඩුබායි හි සීමිත ගුවන්ගමන් වාර සංඛ්‍යාවක් සඳුදා සිට නැවත ආරම්භ විය.