
පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව හිස්බුල්ලා සංවිධානය මඟින් ඊශ්‍රායලයේ උතුරු කලාපයට මිසයිල ප්‍රහාර එල්ල කරන අවස්ථා ගණන වැඩිවෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
එබැවින් ඔහු සඳහන් කළේ හයිෆා, නහරියා, අර්කෝ, ගැලීලි, අෆුලා, කර්මෙල් කඳුවැටිය, නාසරෙත්,තිබෙරියා ඇතුළු උතුරු කලාපයේ ජීවත් වෙන පිරිස ලෙබනනය දෙසින් එල්ලවිය හැකි ප්‍රහාර මෙන්ම රට අභ්‍යන්තරයේ යම් කණ්ඩායම් විසින් සිදු කළ හැකි ප්‍රකෝපාකාරි සිද්ධීන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවයි.
එසේම මේ වනවිට ඉරානයෙන් එල්ල වන ප්‍රහාරවල යම් අඩු වීමක් දක්නට ඇති බව ද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.