
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල හා මන්නාරම දිස්ත්‍රික්කයට හෙට දිනයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව, එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ නිරන්තරයෙන් ජලය පානය කළ යුතු අතර, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් විය යුතු බවයි.
එසේම කුඩා ළමුන් මෝටර් රථ තුළ තනිවම රඳවා තැබීම ද සිදුනොකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.