පොල්ගස්ඕවිට ඩිලාගේ පාපොච්චාරණයෙන් පසු හෙළිවූ දේ මෙන්න.. අකුරේගොඩ සිද්ධිය ගැන විමර්ශනවලදී විශේෂ අනාවරණයක්..

මේ කියන්න යන්නේ තවමත් විමර්ශන ක්‍රියාත්මක ඒ සිදුවීම ගැන ඇසෙන විශේෂ ආරංචියයි. 

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වෙනවා.

එමෙන්ම මෙම ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැණුනු සහෝදරයින් දෙදෙනා ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස ඊයේ නියෝග කළේ.

මොවුන් දෙදෙනා බන්ධානාගරයට රැගෙන යාමට පෙර මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට ද ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදීමෙන් පසු පැයකට අධික කාලයක් එම රහස් ප්‍රකාශය ලබාදුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ අතුරුගිරිය රතුවිලවත්ත පැරඩයිස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සනෝජ් කෝකිල ලියනාරච්චි සහ නදුන් කවීෂ ලියනාරච්චි නමැති සහෝදරයින් දෙදෙනායි.

මේ අතර මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන පැය 72 ක රැදවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන පොල්ගස්ඕවිට ඩිලා නමැත්තා විමර්ශන නිලධාරීන් හමුවේ කරුණු රැසක් පාපොච්චාරණය කර තිබෙනවා.

සිද්ධිය වූ දින දැනට සැඟව සිටින මෝදර නිපුන නමැත්තාගේ පාර්ශවය විසින් ඩිලා නමැත්තාට ගිනි අවි ලබාදී ඇත්තේ කොටිකාවත්ත ප්‍රදේශයේදීයි.

පසුව මොහු සහ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සහෝදරයින් දෙදෙනා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයෙන් ගිනි අවි සහිත බෑගය ද රැගෙන අකුරේගොඩට පැමිණ තිබෙනවා.

පස්වරු 3.30 ට අකුරේගොඩට පැමිණි මොවුන් වෙඩි තැබීමට පැමිණි මෝටර් රථයේ සිටි දෙදෙනාට ගිනි අවි ලබාදී ඇති බවයි පාපොච්චාරණය කර ඇත්තේ.

ගිනි අවි ලබාදීමෙන් අනතුරුව ඩිලා නමැත්තා සහ සැකකාර සහෝදරයින් දෙදෙනා රොබට් ගුණවර්ධන මාවත ඔස්සේ පැමිණ නීතීඥවරයා සහ ඔහුගේ බිරිඳ පැමිණෙන මාර්ගය පිළිබඳව වෙඩික්කරුවන් වෙත ඔත්තු ලබාදී තිබෙනවා.

එහිදී පොල්ගස්ඕවිට ඩිලා නමැත්තා විසින් වෙඩික්කරුවන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ ඔන්න දැන් එනවා යනුවෙන්.

පොල්ගස්ඕවිට ඩිලා නමැත්තා ඩුබායි හි සැඟව සිටින මල්වානේ ටුටු සහ මෝදර නිපුණ යන පාතාල සාමාජිකයන්ගේ මිත්‍රයෙකු බවයි හෙළි වී ඇත්තේ.

අකුරේගොඩ ත්‍රිවිද හමුදා මූලස්ථානයට මීටර් 600ක් පමණ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී මෝටර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 13 වැනිදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post