අද රාත්‍රී 11 දක්වා අවදානම් - කාලගුණයෙන් ප්‍රබල නිවේදනයක්


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇත.

මෙම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වේ.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එහි වැඩිදුරටත් සඳහන් කරනුයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි.

එබැවින් නිසි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවට දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post