
ලාෆ් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව ලාෆ් ගෑස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා අද සිට එම ගෑස් තොග කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කරන බව ලාෆ් ගෑස් සමාගම පවසයි.
අද සිට සාමාන්‍ය පරිදි ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් හරහා අවශ්‍ය ගෑස් සිලන්ඩර මිලදී ගැනීමේ හැකියාව පවතින බවද ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.