මහා පරිමාණ යුද්ධයක ආරම්භය - ඇමරිකාවත් සටනට එක්වෙයි


ඊශ්‍රායලය විසින් ඉරානය වෙත දියත් කළ (pre-emptive) ප්‍රහාරය සඳහා ඇමරිකා එක්සත් ජනපදය ද සෘජුවම දායක වී ඇති බවත් ඇමරිකානු ගුවන් හමුදාව ද ඉරානයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Joual) මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු බලධාරීන් උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කරන්නේ, ඊශ්‍රායල මෙහෙයුමට සමගාමීව ඇමරිකානු හමුදාව ද ඉරානය තුළ ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බවයි. මෙය කලාපය තුළ මහා පරිමාණ යුද්ධයක පෙරනිමිත්තක් විය හැකි බව මේ වනවිට විශ්ලේෂකයෝ පැහැදිලි කරයි.

පවතින දැඩි යුධමය තත්ත්වය හමුවේ ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල් දෙකම සිය ගුවන් සීමාවන් (Airspace) සිවිල් ගුවන් ගමන් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා ඇත.

මේ හේතුවෙන් කලාපය හරහා ගමන් කරන ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කර හෝ වෙනත් මාර්ග වෙත යොමු කර තිබෙන බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post