රජයේ පාසල් ගැන ඇහෙන කණගාටුදායක ආරංචිය

මෙරට ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බවට ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

දිවයින පුරා පාසල් 10,047 පවතින බව 2025 වර්ෂයේ ජනලේඛන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වාර්තා වී තිබේ.

තවද ජනලේඛන හා සංඛ්‍ය ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙනුයේ එම පාසල් වලින් 3,065කම ගුරුවරුන් 10ට අඩු සංඛ්‍යාවක් සිටින බවයි.

එම පාසල් අතර එක් ජාතික පාසලක් ද වන බව ද වාර්තා වේ .

දිවයින පුරා රජයේ පාසල් 1,645ක ළමුන් 50ට අඩු බව ද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ වගේම ළමුන් 50ට අඩු රජයේ පාසල් අතර එක් ජාතික පාසලක් සහ පළාත් පාසල් 1,644ක් වන බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ   .

ළමුන් 51ත් 100ත් අතර රජයේ පාසල් 1,648ක් වන අතර එම සියලුම පාසල් පළාත් පාසල් බවත් වාර්තා වී ඇත.

තවද 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා රජයේ පාසල්වලට ඇතුළත් වු ළමුන් සංඛ්‍යාව පහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 වර්ෂයේදී පළමු ශ්‍රේණිය සඳහා ළමුන් දෙලක්ෂ 66,281 දෙනෙකු ඇතුළත් වී ඇති බවයි.

10ට අඩු රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ   .

2025 වර්ෂයේ ජනලේඛන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයින පුරා පාසල් 10,047 පවතින බව වාර්තා වී ඇත.

ජනලේඛන හා සංඛ්‍ය ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම පාසල් වලින් 3,065කම ගුරුවරුන් 10ට අඩු සංඛ්‍යාවක් සිටින බවයි.

එම පාසල් අතර එක් ජාතික පාසලක් ද වන බව වාර්තා වේ.

දිවයින පුරා රජයේ පාසල් 1,645ක ළමුන් 50ට අඩු බවත් ළමුන් 50ට අඩු රජයේ පාසල් අතර එක් ජාතික පාසලක් සහ පළාත් පාසල් 1,644ක් වන බවයි.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ ළමුන් 51ත් 100ත් අතර රජයේ පාසල් 1,648ක් වන අතර එම සියලුම පාසල් පළාත් පාසල් බවද වාර්තා වේ.

තවද 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා රජයේ පාසල්වලට ඇතුළත් වු ළමුන් සංඛ්‍යාව පහළ ගොස් ඇත.

ඒවගේම 2025 වර්ෂයේදී පළමු ශ්‍රේණිය සඳහා ළමුන් දෙලක්ෂ 66,281 දෙනෙකු ඇතුළත් වී ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post