දෙල්තොටවත්ත හොල්ලමින් නායයෑමකින් මතු වූ අද්භූත නිල් පාෂාණය.. රහස හෙළි කරන්න ජංගම රසායනාගාරයත් දෙල්තොටට.. - Photos

ගලහා දෙල්තොටවත්තෙන් මතු වූ "නිල්" පාෂාණයේ අබිරහස විසඳන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම ස්ථානයට ගොස් තිබෙනවා.

​ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් ගැලවී ආ කළු ගල් පාෂාණයක කොටසක් දීප්තිමත් නිල් වර්ණයෙන් (Bright Blue) දිස්වන බව මේ වන විට වාර්තා වී තිබේ.

​බැලූ බැල්මට ඉතා ආකර්ෂණීය මෙම පාෂාණය කුමක්දැයි යන්න මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැත.

​මේ පිළිබඳව සොයා බැලීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාවුල ප්‍රාදේශීය කාර්යාලය මැදිහත් වී ඇත.

​එම කාර්යාලයේ P.D.A.P. සුභසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ:

​"අද දිනයේ අපගේ ජංගම රසායනාගාරය (Mobile Lab) එම ස්ථානයට රැගෙනවිත් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. එම පරීක්ෂණයෙන් පසුව මෙය කුමන වර්ගයේ පාෂාණයක්ද යන්න පිළිබඳව නිල නිගමනයකට එළඹිය හැකියි."​මෙය වටිනා මැණික් ඉල්ලමක්ද? නැතහොත් වෙනත් ඛනිජ විශේෂයක්ද?  ඒ අනුව  සියල්ල හෙළිවනු ඇත..."

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post