තිදෙනෙකුට මරු කැඳවූ ගම්පොල මාරක රිය අනතුරට හේතුව හෙළිවෙයි…



ගම්පොළ දොළුව විහාරස්ථානයක් ඉදිරිපිටදී  සිදු වු රිය  අනතුරින් තිදෙනකු මියගොස්  තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ගම්පොල පොලීසිය  කියයි.

මෝටර් රියක් මාර්ගයේ ගමන් කළ කිහිපදෙනකු යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව  ඇතැයි කියයි. අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රිය ධාවන  කර ඇත්තේ රියදුරු පුහුණු ලබමින්  සිටි කාන්තාවක්  බවද පොලීසිය පවසයි.

මෝටර් රිය ලොරියකට ඉස්සර කිරිමට යාමේදී   බ්‍රෙික් පැටලය යැයි සිතා  ඇක්සලේටරය පැගීමෙන්  අධික වේගයෙන් ධාවන වූ මෝටර් රිය  විහාරස්ථානයට ගොස් ආපසු නිවෙස්බලා යමින් සිටි පිිරිසක් මෙලෙස යටකරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post