
හොරණ මොරගහහේන මාර්ගයේ කනන්විල පන්සල අසල වංගුවේදී අද දහවල් යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් තරැණ අඹුසැමි යුවළක් මියගොස් ඇති බව හොරණ පොලසි පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මොරගහහේන බෙරැකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 සහ 24 යන වයස්වල පසුවන පූර්ණ මනුෂ්ක සහ චතුරිකා අප්සරා නැමැති යුවලක් බව පොලිසිය කියයි.
හොරණ මොරගහහේන ප්‍රධාන මාර්ගයේ මොරගහහේන දෙස සිට හොරණ දෙසට ගමන් කළ ලොරි රථයක් සහ හොරණ සිට මොරගහහේන දෙසට ගමන් කරන යතුරුපැදියක් අද දහවල් මෙසේ අනතුරට ලක්ව ඇති අතර වංගුවත් සමග පැදිකරැට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් නිවැරදි මන්තීරුවේ පැමිණි ලොරි රථයේ ගැටී ඇති බවට සැක කරන බව පොලිසිය පවසයි.
අනතුරින් පසු ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් රෝහල් ගත කර ඇති අතර රෝහලට ඇතුළත් කිරීමේදි බරපතල තුවාලා ලබා සිටි අඹුසැම යුවළ මියගොස් ඇති ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .