
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය බලය පිහිටුවීම ගැටලුකාරී වී ඇතැයි වාර්තාවේ.
මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවී බලය පිහිටුවා ඒ ගමන සාර්ථක වුවහොත් ඉදිරි ප්‍රධාන මැතිවරණවලදීද එවැනි සම්මුතියකට ඉල්ලීම් ඉදිරිපත් විය හැකි හෙයින් එය ආරම්භයේදීම වැළැක්විය යුතු බව ඇතැම් ප්‍රධානීන්ගේ අදහස වී ඇතැයි දැනගන්නට ඇත.
මේ තත්වය යටතේ කොළඹ මහනගර සභාවේ බලය විපක්ෂයට ගැනීම අවදානමට ලක්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාවේ සභිකයන් 48 දෙනෙකු ජාතික ජන බලවේගයට ලැබෙද්දී සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයට සභිකයන් හැට නව දෙනෙකු හිමිවිය.
සභික ධූර සංඛ්‍යාව අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට වැඩි හැකියාවක් ඇත්තේ විපක්ෂයටය.
කෙසේ වෙතත් අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළේ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය නුදුරේදීම පිහිටුවන බවයි.
කොළඹ මහ නගර සභාවේ තනි පක්ෂයක් ලැබූ වැඩිම සභික ධූර සංඛ්‍යාව ලබාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවද ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය සහ අනෙකුත් පක්ෂ සමග ඒකාබද්ධව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය දැනටමත් කැමැත්ත පළ කර ඇත.
(සුජිත් හේවාජුලිගේ)
– Lankadeepa