සුළු මොහොහොතකට පෙර 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ


2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබේ.

ඒ අනුව, විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk / www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණි.

විභාගය සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිට ඇති අතර, ඉන් සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු විභාගයට පෙනී සිට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post