අස්වැසුම දීමනාව ගැන නිවේදනයක්


සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන 19වැනිදා ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව දැනුම් දී ඇත.

ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,502කට රුපියල් නව බිලියන දෙසිය හතළිස් එක් මිලියන අටසිය අනූ දෙදහස් පන්සියයක මුදලක් බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය.

එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 212,955කට රුපියල් බිලියන දෙකයි මිලියන තුන්සිය විසි එකයි හත්සිය තිස් පන් දහසක මුදලක් ගෙවීමට සැලැසුම් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post