රජයෙන් විශේෂ රක්ෂණාවරණයක් ලබා දීමට තීරණයක් - ගෙවනු ලබන වන්දි මුදල රු.මිලියන 2.5


ගෙවනු ලබන වන්දි මුදල රු.මිලියන 2.5

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ගව, එළු, බැටළු සහ සූකර සත්ත්වයින්ගේ ගොවිපල නිවාස සඳහා රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී ගොවිපල නිවාසවලට බලපානු ලබන ගංවතුර, සුළි සුළං, අකුණු, ගැසීම්, නායයෑම්, වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ගෙවන අතර, එහිදී ගෙවනු ලබන වන්දි මුදල රුපියල් මිලියන 2.5ක්.(රු.2,500,000/=) ක් වන අතර ඒ සඳහා ගෙවිය යුතු මූලික වාර මුදල රක්ෂිත මුදලින් 2.5% ක් පමණ වේ.

මෙයට අමතරව ගිනිගැනීම්වලදී සිදුවන අනතුරුවලින් ආවරණය කිරීමට අතිරේක 1% ක මුදලක් ගෙවිය යුතුවේ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, ගොවිපල නිවාසයක තිබිය යුතු නිර්ණායකයන්ට අනුකූලව පවත්වාගෙන යනු ලබන ගොවිපල නිවාස මෙම රක්ෂණ ක්‍රියාවලියට යටත් වන අතර දැනට පවතින දේශගුණික හා කාළගුණික විපර්යාස හමුවේ අවදානම හා අඩමානය දරා ගැනීමට රක්ෂණාවරණයක් ලබා ගැනීම අනිවාර්ය කටයුත්තක් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post