ජනප්‍රිය රංගන ශිල්පිනී නෙත්මි රොෂෙල් ගත්තු තීරණයට බුකිය කැළඹෙයි

nethmi roshel

ලංකාවේ කලා තරු ගැන එක එක දවසට එක එක ආරංචි එනවානේ.

ඔන්න ඉතින් අද කියන්න යන්නෙත් ලංකාවේ ආදරේ දිනා ගෙන ඉන්න හැඩකාරියක් ගැන. කවදත් රූපය නිසා කැපී පෙනුණු ඇය නමින් නෙත්මි රොෂෙල්.

තමන්ගේ රූපය වගේම හදවතේ තියෙන ලස්සනත් එළියට පෙන්නන්න ඇය ගත්තු උත්සාහයක් මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක් වෙනවා.

ඒ තමා ඇය සිය ඇස් සහ ශරීරයේ කොටස් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය (Sri Lanka Eye Donation Society) වෙත පරිත්‍යාග කිරීමට ලියාපදිංචි වීමේ පුවත.

නිරන්තරයෙන් සමජ මාධ්‍ය ඔස්සේ සිය ප්‍රේක්ෂකයන් සමඟ තම ජීවිතේ විශේෂ අවස්ථා බෙදා ගන්න ඇය මේ පුවතත් බෙදා ගෙන තිබ්බේ ඊට අදාළ සහතික පත්‍රයේ ඡායාරූපත් සමාජ මාධ්‍යට එක් කරමින්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post