
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (04) සෙනසුරාදා පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.
මෙසේ ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 01 සිට 15 දක්වා, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව හා පිළියන්දල යන ප්‍රදේශවලටයි.
එමෙන්ම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවන බැවින් සහ ඊට සමගාමීව දෙහිවල ජල පොම්පාගාරය හා මාළිගාවත්ත එළි හවුස් පොම්පාගාරය ආශ්‍රිතව සිදු කෙරෙන විදුලි බල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු නිසා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි.
කෙසේ වෙතත් මෙම ජල සැපයුම අත්හිටුවීම නිසා වන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පළ කර ඇත.
