ජීවිත අවදානමක් - පැය 48 ට පසු මේ පරීක්ෂාවක් කර ගැනීම අතිශය වැදගත් - වහාම අමතන්නැයි සෞඛ්‍යයෙන් ‍රතු එළි


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් ඩෙංගු හෝ වයිරස් උණ වැළඳී ප්‍රතිකාර ලබා ගැනීමට යාමේදී වෛද්‍යවරුන් යැයි කියා ගන්නා ඇතැම් අය නියම මාත්‍රාවට පැරසිටමෝල් ඖෂධය ලබා නොදී ස්ටෙරොයිඩ් (steroids) ඖෂධ ලබා දෙමින් ‘වන් ෂොට්’ ප්‍රතිකාර ලබාදෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන මෙන් ජනතාවට දැනුම් දෙයි.

ඒ අනුව මේ පිළිබඳව ඩෙංගු සම්බන්ධ පැමිණිලි ලබාගන්නා දුරකථන අංක 0117966366 මෙන්ම 1999 හෝ 1907 යන ක්ෂණික අංකවලට පැමිණිලි කළ හැකි බව දන්වයි.

එමෙන්ම සභාපතිවරයා සඳහන් කර ඇත්තේ උණ වැළඳී පැය 48කට පසුව සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (A Complete Blood Count) කරගැනීම අතිශය වැදගත් බවයි.

එමෙන්ම රුධිර පට්ටිකා අඩුකර ගැනීමට උත්සාහ ගැනීම තේරුමක් නොමැති බවත් ඔහු පැවසුවා. එමෙන්ම උණ වැළඳුණ පසු ‘වන් ෂොට්’ ඖෂධ ලබාදීමෙන් උණ අඩුවී ගියද ඔහුට හෝ ඇයට වැළඳී ඇත්තේ ඩෙංගු නම් ඊට පසුව විවිධ සංකූලතා මතුවී ජීවිත අවදානමකට ලක්වන බවද වෛද්‍යවරයා සඳහන් කළා.

එබැවින් එවැනි ‘වන් ෂොට්’ ප්‍රතිකාර කරන අය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ ඊයේ(30) දින කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post