
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මස 3 වන දින සිට 23 දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ සියලුම පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් හා පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් යොමුකළ යුතු බවයි.
පෞද්ගලික අයදුම්කරුවන් අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළයුතු අතර හැඳුනුම්පත නොමැති අයදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වීම සිදුකළ යුතුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අවඩිය වන www.doenets.lk හෝ www.onlineexams.lk/eic වෙත පිවිස අයදුම්පත යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලබන්නේ ජූලි මස 23 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැකි අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ නොකරන බවයි .
