
පසුගිය සතිවලට සාපේක්‍ෂව වෙළෙඳපොළේ මාළු මිල තවදුරටත් ඉහළ ගොස් ඇත.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ ප්‍රකාශ කළේ පවතින කාලගුණ තත්ත්වය සහ මාදැල් ගැටලුව මෙලෙස මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි.
ඒ අනුව, අද (10) දිනයේ ලින්නා කිලෝවක් රුපියල් 1300කට, සාලයා කිලෝවක් රුපියල් 800ත් 900ත් අතර මිලකට සහ තලපත් කිලෝවක් රුපියල් 2500කට අලෙවි වන බව වාර්තා වේ.
