බස් ගාස්තු ගැන ගැමුණුගෙන් රතු එළියක්


ඩීසල් මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද පෙරවරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

මෙම කරුණ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග කඩිනමින් සාකච්ඡාවක් ලබාදෙන බව එහිදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා බස් සංගම් නියෝජිතයින්ට පවසා තිබුණි.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් පසුගිය මැයි මස 3 වැනිදා රුපියල් 10කිනුත්, මැයි 30 වැනිදා රුපියල් 15කිනුත් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ඉහළ දමනු ලැබීය. මෙම තත්වය හමුවේ සිය කර්මාන්තය කරගෙන යාම දැඩි දුෂ්කර කාර්යයක් වී ඇති බව පෞද්ගලික බස් සංගම් සදහන් කර ඇත.

බස් සංගම් කිහිපයක් පසුගිය දෙවැනිදා සාකච්ඡාවක් පැවැත්විය එහිදී වැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව 5%ක අන්තර්වාර බස් ගාස්තු වැඩිවීමක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා තිබුණි.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා එම පිරිස සමග සාකච්ඡාවක නිරත වුණි.

මිනිත්තු 15කට ආසන්න කාලයක් සාකච්ඡාවේ නිරත වූ පිරිස පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ මෙවැන්නක්

"අමාත්‍යවරයෙක් පත් වුණාම එයත් දැනගන්න ඕනේ මේක ඉගෙන ගන්න. එළියට ඇවිල්ලා දන්නැති මගුල් කතා කරලා හරියන්නේ නැහැ. අපි බලනවා හෙට දිනයේ සාකච්ඡාවක් දෙයිද කියලා. මේක නිවැරදි කරගන්න ඕනේ. අපි හෙට ඇමති සමග මේකේ දෙකෙන් එකක් බේරගන්නවා. එහෙම නැති වුණොත් ලබන සතියේ අපි අවශ්‍ය තීන්දු ගන්නවා."     

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post